(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගය සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ වල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරුද්ධවය.
අලි සබ්රි රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩීජේ සෙනෙවිරත්න අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 14 වැනිදා ආරම්භ විය. එම විවාදය අවසන් කෙරුණේ ඊයේ දිනයේය.
ඒ අනුව දෙවැනි වර කියවීමේ විවාදය දින අටක් පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් පොහොට්ටුවෙ ඉන්න දූෂිත රැළ අයවැයට පක්ෂව චන්දෙ දෙන බව අපි නම් දන්නවා.මුලුරටම දූෂිත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
චන්ද දායකයෝ මේ විකාර වලට පක්ෂව චන්දෙ දෙන අය ගැන හොඳ අවධානයෙන් ඉන්න