
(අංජුල මහික වීරරත්න)
අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.
ඒ අනුව වියදම් කළමනාකරණයේ දී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කියවපු අයවැයේ තිබ්බේ මොනවද කියලවත් දන්නේ නැති ජනාධිපති කෙනෙක් ඉන්නේ දැන්.
කයිවාරු විතරයි. වැඩ නෑ. යන යන තැන කයිවාරු ගහනවා. ගත්ත කිසිම වැදගත් තීරණයක් නෑ. අන්තිමට නිලධාරි වැඩ කළේ නෑ කියලා අත පිහදාගෙන බේරෙන්න තමයි ඔය කතා කියන්නේ.
සියලු ආයතන ප්‍රධානීන් මාසිකව වාර්තා, ලබා දිය යුතු මුදල් සහ ආයතන ප්‍රගතිය සම්බන්ධව - රාජ්‍ය තරුන සේවා සභාව නිදර්ශනයට ගෙන කටයුතු කල යුතුයි