(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය.
"හැම වෙලේම කොරහේ කිඹුල්ලු දකින්නේ නෑ.වකුගඩු රෝගීන්ට වැඩිහිටි දීමනාව වැඩි කරලා තිබෙනවා.වැඩිහිටි පොළිය වැඩිකර තිබෙනවා, ඒවා හොඳයි.මම පඩි වැඩිවීම ගැන කතා කරන්නේ නෑ. පඩිය අතට ආවම තමයි දැනගන්න පුළුවන්. බදුල්ල රෝහලේ දොස්තරලා එළියට බහින්න සූදානම් කියල මට පණිවිඩයක් ආවා.ඒ ගැන බලන්න.
අස්වැසුම පවුල් විසිපන්දාහක් සවි බල ගන්වන්න වෙන් කරලා තියෙන්නේ මිලියන පන්සීයයි.ඒක බෙදුවම එන්නේ පවුලකට විසිදාහයි.ඒකෙන් පවුලක් සවි බල ගන්වන්නේ කොහොමද?බදුල්ලේ ඉඳන් මහියංගනයට ගියොත් විසිදාහ ඉවරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’අයවැය නරකමත් නෑ’’
ravin Tuesday, 18 February 2025 01:57 PM
ඔව් ඔව් පෙරලිච්ච පොට හොඳයි කියන්නේ නැතිව. හැබැයි ඉතිං ඉස්සරවගේ නොවෙයි බන්ඩි ගෙඩියනම් තද කරගන්න වෙයි.
දීපාල් Tuesday, 18 February 2025 02:05 PM
අනේ ටිකිරි මොලේ....
කෝරළගේ Tuesday, 18 February 2025 04:16 PM
මේ හාදය මොනවට අපේ ඡන්ද දායකයෝ පාර්ලිමේන්තුවට යැව්වාද මන්ද??? කිසිම උගත්කමක් නැතැව පාර්ලිමේන්තුවෙ ඛොරුවට යටිගිරියෙන් කෑගහලා නිකම් පච වෙනවා.
මැක්ස්Tuesday, 18 February 2025 05:17 PM
කෝරාළ රෙදි නැතුව කඩේ යන මාලිමා බොරු ආචාරි මහාචාරිලාට වඩා නූගත් යැයි කියන චාමර විපක්ෂයේ වගකීම ඉටු කරනවා. ජවිපෙ විපක්ෂෙ ඉන්න කාලේ කිසිම දේක හොඳක් නොදැක්ක වසල පක්ෂයක්.
තඩි බඩා Tuesday, 18 February 2025 05:24 PM
බදුල්ලේ ඉදලා මහියංගණයට යන්න රු20000 ක් යන්නේ මූ රොකට් එකකින් ද යන්නේ.
පිටරටවැසියා Tuesday, 18 February 2025 09:52 PM
ඉතිං මොකටද බදුල්ලේ ඉඳලා මහියංගණයට යන්නෙ, නොගිහිං හිටපියව්කෝ. එතකොට විසිදාහම ඉතුරුයිනේ.
පිටරටවැසියා Tuesday, 18 February 2025 09:58 PM
දැන් අස්වැසුම දෙන්නෙ බදුල්ලෙ ඉඳලා මහියංගණයට නෑගම් යන්නද? එහෙම නැත්නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න, කෑම-බීමට සහනයක් විදිහටද? අය-වැය මගින් දෙන ප්රතිලාභවල මුලික පරමාර්ථයවත් නොදන්නා පළාත් සභා හිටපු මුදල් ඇමති?