( තිලකරත්න දිසානායක)

රුපියල් කෝටියක් පමණ වීථි වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සහෝදරයන් දෙදෙනකු  සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත උඩුගම්පොල , නැදගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබූ මෙම දෙදෙනා අවුරුදු 22 සහ 28 යන වයසේ පසුවන්නන් පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී මොවුන්ට කොටුගොඩ ප්‍රදේශයේ අයකු විසින් විදේශයකින් මෙම මත් ද්‍රව්‍ය රැගෙන විත් බෙදා හැරීම පිනිස තමන්ට ලබාදීම සිදු කරන බව අනාවරණයවූ බවද පොලීසිය කියයි.

සැකකරුවන්ගේ නිවස වටලා මොවුන් අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අයිස් මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි බවත් පොලීසිය පවසයි.