(නිමන්ති රණසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුණේ ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචි ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියෙකි.
හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
තමන්ට වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් ලැබීමට ඇති අතර එය ලබාගැනීම සදහා දුරකතන අංකය අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බව සැකකරු අධිකරණය හමුවේ සදහන් කර ඇත.
සැකකරුගේ මෙම ප්‍රකාශයන් පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
නඩුව ලබන මස 06 වැසිදා තෙක් කල් තැබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් හොයලා බලන්න. අනිවාර්යයෙන් මේ උන්දැත් පහුගිය දවසේ ගෝල්ෆේස් එකේ ඉන්න ඇති අරගල බෝඩ් එකකුත් උස්සගෙන....!
කප්පම කෙසේ වෙතත්, තිර රචනයට නම්, මෙලහකටත් සෑහෙන ගාණක් වියදම් වෙලා ඇති. දැන් ඉතින් අපේ අයියලාට මාරම අනුකම්පාවක් ඇවිල්ලා ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න කියයිද දන්නේ නැහැ. ඒ වුණාට පව් අප්පා, කෝටි එකහමාරක් එදා ගෙදර අමතක වෙලා ගියා...!!
මොහු ගෝඨා හෝ භාර්යාව කරපු වැරැදි වැඩක් ගැන තොරතුරු දන්නවා ඇති.. එහෙම නැතිනම් කවුද ජනාධිපතිගේ භාර්යාවට කතා කරලා කප්පම් ඉල්ලන්නේ..? දුරකථන අංකය දන්නේ කොහොමද?
රාජපක්ෂලා කරන්නෙම බොරුව වහන එක...
දෙමළෙක් සිංහල නායකයෙකුගේ බිරිඳට තර්ජනය කළාම සතුටුවෙන කාලකණ්ණි සිංහලයින් ඉන්න බව පෙනෙනවා. දේශපාලනය බල්ලට දාන්න. මෙතැන සිද්ද වුනේ දෙමළ බාබරයෙක් සිංහල නායකයෙකුගේ බිරිඳට තර්ජනය කිරීමක්. ඒක සිංහල ජාතියටම කළා සමානයි කියා හිතෙන්නේ මට විතරද?