IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


අයිඩියල් වෙතින් නවලෝක උසස් අධ්‍යාපන ආයතන දෙකකට මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙක විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.

මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසි අටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදීගත හැකිය. 

Powerol විදුලි ජනන යන්ත්‍රවල එන්ජිම මහින්ද්‍ර නිෂ්පාදනයක් වන අතර, විදුලි නිෂ්පාදන ඒකකය සඳහා ලෝකප්‍රකට යුරෝපීය තාක්ෂණය සහිත ලෙරොයිසමා සන්නාමය භාවිත කරයි. ඊට අමතරව විදුලි පද්ධතියට සම්බන්ධ වන විදුලි පුවරු සඳහා ලොව පිළිගත් ඩීප්සී මොඩියුල් සන්නාමය භාවිත කරයි. මෙම විදුලි ජනන යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. එනම්, පහසුවෙන් හැසිරවිය හැකි 5KVA සිංගල් පේස් පෝටබල් විදුලි‍ ජනන යන්ත්‍ර කාණ්ඩය සහ 10KVA සිට 30KVA දක්වා සිංගල් පේස් හා 10KVA සිට 625KVA ත්‍රීපේස් විදුලි ජනන කාණ්ඩ සහිත වේ.

2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනන යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍ර Powerol ශ්‍රී ලංකාවේ විදුලි ජනන යන්ත්‍ර වෙළෙඳපොළ තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටී.

“මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර ඉන්දියානු කාණ්ඩයේ මෙරට ප්‍රමුඛයා බවට පසුගිය මූල්‍ය වර්ෂ තුනේම පිට පිටම පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමි. ඉතා කෙටි කලක් තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය අප හට ලබා ගැනීමට හැකි වූයේ අප විසින් ලබා දෙන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාව නිසයි. ඒ වගේම ජාත්‍යන්තරව ලොව පුරා විදුලි ජනන පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගත් සන්නාමයක් බවට ද මෙය පත් වී ඇත. 

මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර සන්නිවේදන ප්‍රමුඛයන් කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානවල පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස්හි අපි විවිධ ස්ථානවලට ගැළපෙන විදුලි ජනන යන්ත්‍ර ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.” යැයි, අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

“මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියා කිරීමේදී අවම ශබ්ද පාලනයකින් යුක්ත වන අතර අවම ඉන්ධන පරිභෝජනයකින් ද සමන්විත ඉතා දිගු කල් පැවැත්මක් සහිත නිෂ්පාදනයක් වේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම විදුලි ජනන යන්ත්‍රය රට පුරා ජනප්‍රිය වීමට හේතුව අයිඩියල් මෝටර්ස් විසින් පිරිනමනු ලබන අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාව හේතු කොටගෙන බව මනාව පැහැදිලි වේ. පාරිභෝගිකයන්ගේ පහසුව අපගේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා ස්ථාන 15ක් මගින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පාරිභෝගික අවශ්‍යතාව මත අවශ්‍ය සේවා ඉතා සාධාරණ මිලකට ලබාගත හැකිය. පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම Powerol විදුලි ජනන යන්ත්‍ර සම්බන්ධයෙන් අලුත්වැඩියා සේවාව ගැන හෝ අමතර කොටස් ගැන කාලය හා අනවශ්‍ය මුදල් නාස්ති කිරීමක් අවශ්‍ය නොවන අතර අයිඩියල් මෝටර්ස් අප සෑම විටම පාරිභෝගික සෞභාග්‍යය සහතික කරනවා.” යැයි ජානක කුලතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා සහ ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ Powerol අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (Asia & NZ) විජේ දුත්තා මහතා විසින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාන ආයතනවල නිලධාරියකු වෙත මහින්ද්‍ර Powerolවිදුලි ජනන යන්ත්‍ර බාර දෙනු ලැබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානි කසුන් ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දිනේෂ්‍ මානගේ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

595



අදහස් (0)

අයිඩියල් වෙතින් නවලෝක උසස් අධ්‍යාපන ආයතන දෙකකට මහින්ද්‍ර Powerol විදුලි ජනන යන්ත්‍ර

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට
2024 මැයි මස 13 93 0

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අ


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු?
2024 මැයි මස 13 398 0

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කර


නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි
2024 මැයි මස 13 413 0

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි ව


ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි
2024 මැයි මස 13 165 0

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍


ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
2024 මැයි මස 13 380 0

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී ව


හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම්
2024 මැයි මස 13 427 0

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1879 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site