IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය සමරා ලේ දන්දීමක්

 අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.

අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් පස්වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය හා කාර්ය මණ්ඩලය මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ හත් වැනි වරටය. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් විසින් මෙවැනි සත්කාරයක් සංවිධානය කිරීම කාගේත් පැසසුමට ලක් වූ කරුණක් වූ බව එම සමාගම සඳහන් කරයි.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම මීට පෙරද කෝඩිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේ දී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසළ බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාර

සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරිණි.

ඊට අමතරව එම වසරේම ජූනි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක 6 ක පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පරිත්‍යාග කිරීම හා අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යා කිරීම ඒ අතර වේ.

මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර පානීය ජල අවස්ථාවෙන් පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වල, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලු‍ම පොත් පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝමළුව ඉදිකර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්.ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට හා අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.

595



අදහස් (0)

අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය සමරා ලේ දන්දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site