IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අය වැය ගැන මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට දෙසුමක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අතුරු අයවැය සහ රටේ මුදල් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වැනිදා සවස විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

එදින සවස 2.00 සිට 4.00 දක්වා මෙම දේශනය පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු ප්‍රධානීහු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම (අයවැය කතාව)  සඳහා පාර්ලිමේන්තුවට ලබන 30 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (10)

අය වැය ගැන මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට දෙසුමක්

amila Wednesday, 24 August 2022 02:14 PM

මොන දේශනේ තිබ්බත් ඕවා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතෙක් තියන අයෙක් පාර්ලිමේන්තුවේ නැහැනේ.. අපරාදෙ අර මනුස්සයාගේ කාලේ... රටක උගත්තු ඉන්නම ඕනෑ තැනකට නූගතුන් යවලා අපි කරගෙන තියෙන දෙයක්...

:       2       21

රාවණාWednesday, 24 August 2022 03:23 PM

හර්ෂ ද සිල්වා, නාලක ගොඩහේවා, රනිල් වික්‍රමසිංහ වගේ දේශපාලඥයින් උගතුන් නොවේද?

:       10       5

AselaWednesday, 24 August 2022 09:40 PM

උගත්තු වුණාට විඤ්ඤාණය නැහැ. රටේ උගත්තු, බුද්ධිමත්තු හිටියාට වැඩක් නැහැ... විඤ්ඤාණය නැත්නම්...!

:       0       0

බද්රානි Wednesday, 24 August 2022 03:25 PM

රට මේ ව්‍යවසනයට පත් වුණු ප්‍රධානම හේතුව වන, අධික පොලියට ණය ලබාගෙන කළ ආදායම් නොලබන අසාර්ථක ව්‍යාපෘති ගැන මෙතුමා කියනවාද? ඒ ව්‍යාපෘති තුළින් ගසා කා ඇති මුදල් ගැන කියනවාද? සීනිබදු වංචාව හා හිටපු ජනාධිපති විසින් ව්‍යාපාරිකයින්ට ලබාදුන් බදු සහනය නිසා රටට අහිමි වූ ආදායම ගැන යමක් කියනවාද? රටට නොගැලපෙන දේශපාලකයින් වෙනුවෙන් අධි ඉන්ධන ධාරිතාවයකින් යුත් වාහන ආනයනය ගැන එහෙම කතා කරනවාද? පසුගිය කාලය තුළ රුපියලට සාපේක්ෂව ඩොලරයට නිසි වටිනාකමක් ලබා නොදීමෙන් විදේශගත ලාංකිකයින්ට අහිමි කළ රුපියල් ප්‍රමාණය ගැන කතා කළාද? බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් ලයින් අමනෝඥ කළමනාකාරිත්වය ගැන කියනවාද? සියල්ල මුදලට රැගෙන පරිභෝජනය කළ ජනතාවට නම් මොහු බොහොම සැරට ගොරවනවා. ලංකාවේ ආර්ථිකය විනාශ කළ හොර, තක්කඩි පාලකයින්ට ආවඩා, මහජනතාවට කියන එකද හපන්කම? අනේ අපි නොදන්නා මහලොකු ආර්ථික ඔස්තාර්?

:       5       13

Perera Wednesday, 24 August 2022 02:49 PM

ඔවුන්ගෙන් බහුතරයකට ඕවා අවබෝධ කරගන්න තරම් උගත්කමක්, බුද්ධිමත් කමක් නැහැ.

:       2       15

චන්දන Wednesday, 24 August 2022 03:42 PM

ආර්ථික විද්‍යා වචන දාන්න එපා. ඔවුන්ට ඕවා තේරෙන්නේ නැහැ. සරලම භාෂාවෙන් කියාදෙන්න.

:       2       9

ගමේ එකාලා Wednesday, 24 August 2022 05:35 PM

හොරකම්, වංචා, දූෂණ කරලා රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන්ට ඔය මොන දේශනා තිබ්බත් වැඩක් වෙයිද? අනික ඔය දේවල් තෙරුම් ගන්න තරම් උගත්කමක්, සුදුසුකමක් තියෙන අය කීයෙන් කී දෙනාද ඉන්නේ?

:       0       0

SL Wednesday, 24 August 2022 05:48 PM

හොඳම හොඳ වැඩක්... මෙවැනි දේශන මීට ගොඩක් කලින් පටන් ගන්න තිබුණේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ, අපි කැමති වුණත් නැතත්, රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගන්න 225... ඔවුන්ට තේරෙන භාෂාවෙන්, තුන් හතර පාරක් හරි ඔය තත්වය කියලා දෙන්න තිබුණා. ඉන්න ටිකගෙන් වැඩ ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ...

:       0       4

sena Wednesday, 24 August 2022 05:59 PM

ඕවාගෙන් වැඩක් නැහැ.. මොකද බලය තියෙන්නේ පොහොට්ටුවන්ට... දේශනාව අන්තිමට ඒ මිනිස්සු අහයි ඕකෙන් සීයයට කීයක් අපිට තියෙනවද කියලා...!

:       2       1

Bamunuarachchi Wednesday, 24 August 2022 07:30 PM

අනේ පාර්ලිමේන්තු කාලෙන් පස්සේ පන්ති පවත්වාවත් මේ ගොයියන්ව දැනුවත් කරන්න. ඒක ලොකු පිනක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site