(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාලබේ පොලිස් ස්ථානය තුළදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළැයි කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
ඉකුත් (15) සැකකාර සැරයන් සහ පරීක්ෂකවරයා අතර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී සැරයන් වරයා ටී 56 ගිනි අවියක් එල්ල කර උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ පොලිස් ස්ථානයේ සිටි පිරිස සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත.
පලා ගිය පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුළු සමාජයම කුණුවෙලා ඕජස් ගලන තැනට පත්වෙලා ඉවරයි. මේක මෙතැනට ආවේ එකවරම නෙවෙයි, ක්‍රමයෙන්. බලධාරීන් ඊට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පිළියම් යෙදුවේ නැහැ. මුළු සමාජයම කුණු වුණාට පස්සේ පොලිසියද, බැංකුවද, පාසලද කියලා නැහැ හැම ආයතනයටම එහි බලපෑම එනවා. ආර්ථිකයත් හදන්න ඕනෑ... නමුත් සමාජයේ විනය හැදුවේ නැත්නම් ආර්ථිකය කොතැන තිබුණත් වැඩක් නැහැ...
සැරයන් වරයා නිවැරැදි යැයි කියන්නට බැහැ. ඒත් ඇතැම් පොලිස් හා හමුදා නිලධාරීන් තමන්ට වඩා පහළ නිලධාරීන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ. ඒ වගේම, තමන්ට වඩා ඉහළ නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ බයාදු කුක්කන් වගේ. මේ උප පොලිස් පරීක්ෂකවරයා සැරයන්ට ආත්ම ගෞරවය කෙළෙසෙන විදිහට කැත වචනයෙන් බැන්නා වෙන්නට පුළුවන් නේද? කෙසේවෙතත් වෙඩිතැබීමට තැත්කිරීම වරදක් වගේම ඒ සඳහා සැරයන් වරයාව පත්කළ උප පොලිස් පරීක්ෂකවරයා හැසුරුණු අයුරුත් සොයාබලා කටයුතු කිරීම පරීක්ෂණ අංශවල යුතුකමක්...
අනිවා මොහු පලාගිහින් නවතින්නේ පාතාල ගුබ්බෑයමක...
ආරවුල් වලට ප්‍රධානම හේතුව තමයි ඉහල නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් .වාචිකව දෙන සමහර අසාධාර්ණ නියෝග පහල නිලධාරීන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි සිදුවීම් වලට හේතුවක් විය හැකිය