IMG-LOGO

අයි නාලිකාවේ යටි මඩියෙක් යැයි ඔප්පු කළොත් ගෙදර යනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රූපවාහිනී අයි  නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී  දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ  අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර  නියෝග 27 (2) යටතේමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට  විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට  මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී  නැහැ. මේකට  අනුමැතිය දුන්නේ මට නිත්‍යානුකූල බලයක් ඇති නිසයි. අත්සන් කරන ලද ගිවිසුම සභාගත කරනවා. අවබෝධතා ගිවිසුම දැන් ඔබතුමාලට පරික්ෂා කරන්න පුළුවන්. අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා කිව්වා මේක කැබිනට් එකට ගෙන්න ඕන එකක් නෙවෙයි කියලා. ව්‍යාපාරයක් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියලා කිව්වා.

රූපවාහිනී සංස්ථාව 2018 ඉඳලා අලාබයි. මේ මුළු කාලයට කෝටි 166ක් අලාබයි. මේ ආයතනයට අන්තිම වෙනකොට විදුලි බිල ගෙවන්න බැහැ. ජාතික රූපවාහිනිය වුණත් විදුලිය කපන එක නතර කරගන්න විදිහක් නෑ. මේ මුදල ලැබුණම මම මුලින්ම කළේ විදුලි බිල ගෙවන එක. මිලියන 75 ම පාවිච්චි කළේ සංස්ථාවට. ඒක නොකළ නම් මේක නතර වෙනවා.  වංචාවක් දූෂණයක් තියෙනවා නම් උසාවි යන්න පුළුවන්.එහෙම දෙයක් වුණා කියල ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා.



අදහස් (11)

අයි නාලිකාවේ යටි මඩියෙක් යැයි ඔප්පු කළොත් ගෙදර යනවා

මැක්ස් Tuesday, 22 August 2023 02:14 PM

ලංකාවේ එහෙම උනත් මොල්ටාවේ එහෙම වෙන්නේ නෑ!

:       3       1

ගමේ එකාලා Tuesday, 22 August 2023 02:36 PM

කියපු දේවල් වල හැටියට ගෙදර යන්ඩ තිබුනේ මීට කලින් . දේසපාලුවෝ කවද්ද බලය අතහැරියේ, සදහටම බලයේ එල්ලීගෙන ඉන්ඩ හදනවා මි

:       0       3

ravin Tuesday, 22 August 2023 02:39 PM

හරි අපි විමර්ශණය නිසි තැනට බාරකරමු. ගරු විගණකාධිපතිතුමනි, ඉතිරි කොටස ඔබතුමාට බාරකරමු. හොරාකෑවා ඇතිද? නැතිනම් ලෝ වැඩ සඟරාවේ එන ලිපගිනි මොලවන තෙක් දිය ... මතක් වුණාද? 

:       0       2

gunda Tuesday, 22 August 2023 02:53 PM

සෑම ඇමැති කෙනෙක්ම කියන්නේ ඔප්පු කළොත් ගෙදර යනවා කියලා. ගෙදර ගිය කවුරු ගැනවත් මේ දක්වා අහලා නැහැ. ඔව්, ඔව් වැරැදිකාරයෝ ඡන්ද දායකයෝ තමයි.

:       0       2

ජගත් ලියනගේ Tuesday, 22 August 2023 03:20 PM

ඔය විදියට කී පාරක් කියල ඇත්ද ඔය එක්කෙනා . එහෙම උනා නං දහ දොළොස් පාරක් අස් කරල .

:       0       4

Rata Perata Tuesday, 22 August 2023 03:48 PM

බලු වැඩ, හොර වැඩ කරලා ඕක තමයි හැමෝම වගේ කියන්නේ... පාර්ලිමේන්තුවට ඇවිල්ලා. හැබැයි තව ගෙදර ගිය කෙනෙක් නැහැ. ඒත් හොරකම්වලින් රට පිරිලා.

:       0       2

මහසෙන් Tuesday, 22 August 2023 04:09 PM

ඔප්පු කරන්න තරම් කරුනු තිබ්බත කොයි දේශපාලකය ද හොරකම් කලා.කියලා.පිලිගත්තේ ? නිකන් රට්ටු හිනස්සන්න එපා.

:       0       2

Hafeel Tuesday, 22 August 2023 05:28 PM

මෙයා කතා කලොත් පට්ටම බොරු. මීට කලිනුත් මෙයා අවස්ථා ගණනාවකදී ඉල්ලා අස්වෙනවා කිව්වට, එහම වෙලා නැහැ.

:       0       1

Perera Tuesday, 22 August 2023 09:31 PM

ඒ කියන්නේ ඔප්පු කරන්න බැරි විදිහට ගේම දීලා

:       0       2

Malika Wednesday, 23 August 2023 08:55 AM

ගෙදර ගියා නම් කී පාරක් දැන් යන්න වෙලාද. ඕවා ඔප්පු වෙන්න ඕනේ නෑ. ඔයත් අනෙක් අය වගේම ලෝක හොරෙක්. මහජනතාවට පව් නොදී දියවන්නාවෙන් විතරක් නෙවී රටෙනුත් යන්න කරුනාකරලා

:       0       2

නිහාල් Wednesday, 23 August 2023 01:12 PM

“ඔප්පු කරන්න පුළුවන් විදියට හොරකම් කරන්නේ කවුද“ ඔහේලාගේම වඩේ කාරයෙක් කිව්වේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site