(රංජන් කස්තුරි)
චීනයේ සිට මෙරටට පැමිණි, උණ සහ සෙම්ප්‍රතිශයාව වැනි රෝග ලක්ෂණ සහිත චීන කාන්තාවන් දෙදෙනාට අමතරව, තවත් රෝගීන් දෙදෙනෙකු මේ වනවිට අයි.ඩී.එච්. (උණ රෝහලේ) විශේෂ ඒකකයේ රඳවා ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදුකරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලාංකික පිරිමියකු සහ කාන්තාවක් එලෙස විශේෂ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීවේය.
එම රෝගීන්ට චීනය ඇතුළු රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරසය ඇතුළු වී ඇත්දැයි පරීක්ෂා කරමින් තිබෙන බවද වෛද්‍ය හසිත අත්තනායක මහතා කීවේය.
එම රෝගීන් සිව්දෙනා විශේෂ ඒකකයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඔවුන්ගෙන වෛරස් පැතිරයාමක් සිදුනොවන බව ද ඔහු සඳහන් කළේය.

චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

අයි.ඩී.එච්. (උණ රෝහලේ) රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා




( ඡායාරූප - ළහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ ඡායාරූප පලකිරීම එතරම් සුදුසු නෑ නේද?
වෛද්‍යවරුන්ට බනින අය මේකත් මතක තියාගන්න. මෙවන් අවස්ථාවාදී, තම දිවිය පවා අනතුරේ දමමින්, ඔවුන් ඉදිරියේ සිට කටයුතු කරන බව.. එහෙම නැතුව මේකේ අදහස් දාන කවුරුවත් එන්නේ නැහැ ලෙඩ සුවකරන්න.