IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි. එස් ත්‍රස්තයන්ට විශේෂ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ)
ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින්ගේ  ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව   මහතා පැවසීය

මෙම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අහමුදාබාද්ගුවන් තොටුපොළේදී ගුජරාටි ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණේ  පසුගිය  20  වැනිදාය.

ඔවුන් ඉන්දියාවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් පැමිණ සිටි බවට ඉන්දිය ආරක්ෂක බුද්ධි අංශ  තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එම සිවු  දෙනා සම්බන්ධයෙන් මෙරට ත්‍රස්තවාදී විමර්ශන සහ තවත් විමර්ශන අංශ කිහිපයක්ද  වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (7)

අයි. එස් ත්‍රස්තයන්ට විශේෂ කමිටුවක්

Bandula Thursday, 23 May 2024 03:35 PM

ලැජ්ජා නැද්ද පොලිස්පතිතුමො රටේ මෙවැනි කල්ලි කියාත්මක වන්නේ කො ඔබගෙ බුද්ධි අංශ ඒකත් ඔබ වගෙම බුධිද .

:       7       34

නිමල් Thursday, 23 May 2024 08:28 PM

බන්දුල, ජයනාත් මේ ISIS කාරයෝ ලංකාවේදී අල්ලා ගත්තා නම් ඔයාලා වගේ NGO කාරයෝයි, ජෙප්පෝයි වැලලෙන හැටි බලන්න තිබුණු ඡන්ද ගුන්ඩුවලට බොරු කරනවා කියලා...

:       1       2

ජයනාත් Thursday, 23 May 2024 04:44 PM

ලංකාවේ ත්‍රස්තවාදී න් අල්ලන්නේ වෙනත් රටවලදී ... ලැජ්ජාවක් නැත්ද ලංකාවේ බුද්ධි අංශයේ දුර්වලතා ගැන. පාස්කු ප්‍රහාර විමර්ශන ගැන කුමන කතා ද.

:       7       37

Amara Thursday, 23 May 2024 06:59 PM

ඇත්තටම මෙච්චර දෙයක් වෙලත් ලංකාව අයිසිස්ලාට තැනක් තියෙනවා කියන එක නම් අප්‍රසන්නයි..

:       1       1

Shamen Thursday, 23 May 2024 07:39 PM

කොළඹට අයි. එස් බෝම්බ ගහනකොට බස්නාහිර පළාත භාරව හිටියේ මෙතුමා නේද?

:       1       2

Don perea Thursday, 23 May 2024 10:12 PM

දැනුයි නින්දෙන් නැගිට තියෙන්නේ...!

:       1       2

FreemanHAT Friday, 24 May 2024 08:45 AM

මෝදිව ඡන්දෙන් දිනවලා දෙන්න වෙන්න ඇති උත්සාහ කරන්න ඇත්තේ... ලංකාවේ ආගමික නායකයෝ ත්‍රස්‌තවාදය දකින්නේ... එහෙමනේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site