(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ මෙරට ප්‍රධානියා කොළඹ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්මන්ඩ්  ජෙරාඩ්  නමැත්තෙකි. සැකකරු දෙමට ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි   පුද්ගලයෙකි .

මීට දින කීපයකට ඉහතදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනාගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔවුන්  මෙහෙය වූ බව කියන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වන ලෙස ඉකුත් සෙනසුරාදා පොලිසිය මහජනයාගේ සහාය පැතිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.