(විමුක්ති එස් රුද්‍රිගු)
පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බවය.
වතමන් බදු ප්‍රතිපත්තිය අවම වශයෙන් වසරක කාලයක් ක්‍රියාත්මක කළොත් ලබන අවුරුද්දේ ඉදල බලාපොරොත්තු වන අයුරින් ආර්ථිකය ස්ථාවර වුවහොත් අනිවාර්යයෙන්ම බදු අදායම අපි හිතනවාට වඩා වැඩි වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
වැඩි ආදායම් ලබන අය වැඩි දායකත්වයක් දිය යුතුයි ඒ තුළින් අඩු ආදායම් ලබන අයට සහනයක් දිය යුතුයි වැඩි ආදායම් ලබන බහුතරය දායකත්වය දෙනවා නම් හැමෝටම බදු සහනයක් ලබා ගත හැකි බව වීරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය .රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු පැවසුවේය.
බදු සංශෝධන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සමඟ ඒකාබද්ධ වූ අනෙකුත් ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ කොටස් බව ද ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලාට රටේ ණය බර තවතවත් වැඩි කිරීම සහ ඩොලර් උපයන්නන් හට පීඩනය වැඩි කිරීම වැනි ක්‍රියා සිදු කිරීම හැර විකල්ප විසඳුම් දන්නේ නැහැ. බදු බර තවතවත් වැඩි කිරීමෙන් වෙළෙද ව්‍යාපාර වැසී යන බව දන්නේ වෙළෙදාම් කරන අය පමණයි. රටේ ඩොලර් ආදායම වැඩි කරන්න අපනයනය කේෂ්ත්‍රයට දිරි දීමනා ලබා දෙන්න. රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් අදහස් ලබාගැනීමට තරම් නිහතමානී වෙන්න.
ජනතාවට බදු ගහන අතරේ , පාලකයින්ගේ දීමනා වැඩි කරගන්නේ කොහොමද රුපියල් 2000ට අසීමිත ඇමතුම් පහසුකම් තියෙද්දී මාසෙකට 25000ක දුරකතයන ගාස්තුවක් මොකට ද ? ටෙලිකොම් අසීමිත දුරකථන ඇමතුම එකක ගාන කීයද ? ඉතිරි මුදල සන්තෝසම් ද එක ඇමතියෙකුට මාසෙට පෙට්‍රෝල් ලීටර් 1500ක් මොනවට ද ?
ආර්ථිකය කඩා වැටුනේ ඇයි කියන එක ගැන කවුරුවත් කතා කරන්නේ නැ. රාජපක්ෂලා හොරාකල රට බංකොලොත් කරා කියල ලෝකෙම පිළිගත්තත් මේ අය සද්ද නැ. රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගන්නැතුව මිනිස්සුන්ට බදු ගහල රට හදන්න හදනවා. ඔක්කොම රාජපක්ෂලාගේ ඉත්තෝ.
මේ මනුස්සය කතාකරන්නේත් හරියට මේක අපි කරපු වැඩක් වගේ , රට බංකොලොත් කරපු ,වර්තමාන උත්දමනය හදපු රාජපක්ෂල තවම ආණ්ඩු කරමින් සුර සැප විඳිනවා , මෙය අපේ සාක්කුවෙන් තමයි ඔක්කොම ටික සූරලා අරගෙන ගොඩ යන්න/දාන්න හදන්නේ .
තවත් ගෝටාභය කෙනෙක් මේ
ලංකාවේ තේ කර්මාන්තය පසුගිය කාලයේ තිබුන පොහොර ප්‍රශ්නය සහ කම්කරු ශ්‍රමය වෙනත් තේ නිෂ්පාදන රටවල් සමඟ සන්සන්ධනය කරන විට මිල අධික වීම ,කර්මාන්ත ශාලා වලට අවශ්‍ය විදුලි ඉන්ධන මිල වැඩි කම නිසා විශාල අර්බුධයකට වැටිලා.ඒකට පිටරට යවන්න තව 30% බද්දක් ගැහුවම කරමාන්ත ශාලා නිකන්ම වැහිලා යාවි.තේ වතු හිමියෝ තේ ගලවලා එළවලු වගා කරන්න ඉඩම් බදු දේවි.එහෙම නැති නම් ඉඩම් කැබලි කරලා විකුනාවී
ශ්‍රීලංකන් වැනි පාඩු ලබන රජයේ ආයතන රටේ 200 වැඩි ප්‍රමාණයක් තිබෙනවා .මේවා ගැන කිසිම පියවරක් අරන් නැහැ .සීනි බදු වංචා කරපු මිනිස්සු අද නිදහසේ.විශාල ඇමති මණ්ඩල වලට කරන නාස්තිය අඩු කරලා නැහැ.එනවා අපට බදු ගහන්න .අපි බදු ගෙවන්නේ නැහැ මේ හොරු ඉන්නකම්
රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ ,දූෂිත දේසපාලුවෝ උන් පැත්‍තක.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම වළපල්ලට ඇදලා දැම්මා ඒ මදිවට නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා .අපි ද මේවට වගකියන්ඩ ඕනේ ?