(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා වන නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (15) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාකොට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාවය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා හට ලබාදුන් බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සහ ශාන්තිකර කලාපය භාර අධ්‍යක්‍ෂවරයා ඊයේ (14) දින මුදල් ඇමතිවරයාත්, අද (15) ජනාධිපතිවරයාත් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳ ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.