
( නිමල කොඩිතුවක්කු)
ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිතයින් සමග කොළඹදී අද (20) පැවති හමුවකදී ප්‍රකාශ කළේය.
මේ සඳහා පවතින දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතිය ගත් නව සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ නියෝජිතයින් අතර හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී පැවැත්විණ.
එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, චන්දිම වීරක්කොඩි, වේලුකුමාර, හර්ෂණ රාජකරුණ, ආචාර්ය නාලක ගොඩහේවායන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්රුවර් මහත්තයෝ, ඔය ඇවිල්ලා ඉන්නෙත් පට්ටම පට්ට හොරු වගයක්. ලොක්කගේ තාත්තා තමයි මරුමෝස් ප්‍රේමදාස කියන්නේ,මිනිහා මැරෙනකොට ගෙදර රුපියල් ලක්ෂ 100 ක ගෝනියක් තිබුනා. පුතයි දුවයි මදි නොකියන්න හොරසල්ලි ගහලා බැංකුවට දැම්මා.එකපාරක් අහුවුනා,එත් නාකි මයිනා උන්ව බේරාගත්තා.ඔතන තව එකෙක් ඉන්නවා විනිමය වන්චාකරලා අහුවුන. ඉතිරි එවුන්ගෙන් වැඩි හරියක් රස්තියාදු කාරයෝ.
මෙයින් පිරිසක් රට බංකොලොත් කරන්න උදව් කරපු අය. මහමොලකරුට රට බාර අරගෙන කරන්න ආරාධනා කරපු වෙලාවේ අරගෙන කරන්නේ නැතුව පැනල දිව්වා . දැන් චන්ද බලාගෙන බොරුවට දගලනවා . අර අමාරු අවස්ථාවේ පාන් පිටි ටිකක් වත් ළදරුවන්ට, මව් වරුන්ට තිබුනේ නැහැ . මේකට කියන්නේ සම්යක්ප්‍රයෝගය කියල . රට ගොඩ නගමු, පක්ෂ ඔක්කම එකයි .
අයියෝ සාමි ! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ම්සො වෙලාවේ සාකච්ඡා කරන්න ඕනා රට දැන් වැටි තිබෙන තත්වයෙන් ගොඩ ගන්න යලි රට නගා සිටුවන්න අවශ්‍ය කරන වැඩ පිලිවෙලක් ගැන මිසක, ගැබිනි මවට පෝෂණ මල්ලක් දෙන හැටි, පාසල් සිසුන්ට දිවා ආහාරය දෙන හැටි, වැඩිහිටි දීමනාව දෙන හැටී හෝ දිලිදු සහන දෙන ආකාරය නොවෙයි කියලා සජිත්ට කොහොම වෙතත් එයා වටේ ඉන්න ආචාර්ය මහාචාර්ය වරුන්ට හරි නොතේරෙන එකයි පුදුමේ.
දෙයියෝ දනී, අපි නොදනී... මොකක් හරි කඩාකප්පල් වැඩකට තමයි මේ, ආයෙත් පෝලිම්වල යන්නේ...