(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.
නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍යහමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
මෙම කල්දැමමීමත් සමඟ රටට අතිවිශාල මූල්‍ය පාඩුවක් සමඟ එයටත් වඩා අතිවිශාල පාඩුවක් වන බවත් එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමත් සමඟ ගොඩනැගී තිබූ විශ්වාසය බිඳවැටීම රටට අති විශාල පාඩුවක් බවත් ඒ මහතා කීය.
දෙවැනි වාරිකය ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 330 ක් අහිවීම මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ස්ථිර ගිවිසමක් අස්සන් කර එය ක්‍රියාත්මක වීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගොඩනැගෙන විශ්වාසය අහිමිවීම මූල්‍ය පාඩුවටත් වඩා බරපතල බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ මෙරටට ආයෝජකයන් පැමිණීමේදී අයි.එම්.එෆ්. ගිවිසමක් තිබීම වඩාත් වැඳගත් බව ද සඳහන් කළේය.
බංකොළොත් රටට යැයි තෙවැනි පාර්ශවයක් නොව අපේ රටේම මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා පිළිගත් තත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ගැනීමට අයි.එම්.එෆ්. ගිවිසම ඉහත් ශක්තියක්ව තිබූ බවත් ආයෝජකයන් අපේ රටට එනවාද නැද්ද යන තීරණය කිරීමේ එවැනි ජාත්‍යන්තර ගිවිසුමක් තිබීම ලොකු රුකුලක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නම් ඒක ලැබුණත් මොකක් හරි කියනවා. අනේ මන්දා රටේ උගතුන්....!
ඔය අයියලා බෙදාගන කාපුවා තමයි. පුරවැසියෝ ගෙවන්නේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පමණක් නොවෙයි වෙනත් රටවලින් පවා ලැබීමට තිබු ආධාර ලබාගැනීමට නොහැකිවූයේ රට සහ රටේ පුරවැසියන් පිළිබද නොසිතන බලය සහ තනතුරු ගැන පමණක් කතා කරන දෙවරක් පියා අගමැති බවත් ජනාධිපති වූ බවත් කියාගන්න විපක්ෂ නායකවරයෙක් සහ ඔහුටම ගැලපෙන විපක්ෂයක් සිටින රටක, රට වෙනුවෙන් පක්ෂ විපක්ෂ එක්ව කටයුතු කිරීමට තිබූ අවස්ථාවන් මගහැර මොනවා කිවත් කිසිවකු පිළිගන්නේ නැත...
මෙයත් දැන් වයර් ෂෝට් වුණු පරණ රේඩියෝ එකක් වගේ දාන චැනල් එක නෙමෙයි වැඩ කරන්නේ. මේ සේරටම තියෙන්නේ ඇට නැති දිව ඕන පැත්තකට හරවන්න පුළුවන් වගේ එකඑක වෙලාවට එක එක දේවල් කියන්නේ...
මේ තියෙන්නේ පොහොට්ටු ආන්ඩුවක්, මෙයත් පොහොට්ටුවෙන් ආපු එක්කෙනෙක්...!
කිසිම වැඩකට නැහැ...
මෙයත් දැන් ඇවිදින මළමිනියක් වගෙයි. ඔහේ කියවනවා. මිනිහාට මතක නැහැ මේ ඊයේ පෙරේදා වෙනකන් මිනිහා හිටියේ කොහේද කියලා... මේ වගේ වයසක ආතලා ඔක්කෝම ඊළඟ ඡන්දෙදී ගෙදර තියන්න ඕනෑ..!
ලොක්කා මේකත් හරියට චක්කරේ පාඩම් දෙනකන් ලොසින්ජර් දෙන්නේ නැහැ කිව්වා වගේ වැඩක්... ඕවා අපිට පුංචි කාලේ ඉඳලාම පුරුදුයි. බදු ගහලා රාජ්‍ය ආදායම වැඩිකර ගත්තාම IMF වාරික ලැබෙයි ලොක්කා... පක්ෂ අරමුදල්වලට වැඩියෙන් බදු ගහන්න ඕනේ...