(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එතෙක් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.
එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් එම නිවේදනය නිකුත් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡා වටයක් පසුගිය දා අවසන් කළ බවත් එහිදී විසඳීමට මූල්‍ය ගැටළු කිහිපයක් තිබෙන බව හඳුනාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අවදානමට ලක් වූ සහ දුප්පත් ජනතාවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් තම ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඇති කැපවීම යළි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF, ලෝක බැංකුව,... ‘‘ප්ලග්‘‘ ගලවන පොලිසි එකද ඉදිරියට ක්‍රියාත්මක කරන්න යන්නේ?