IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 3 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි.

ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් දෙකක් ආදායම සමඟ සම්බන්ධ බවත් එහි පළමුවැන්න 2023 මාර්තු වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.1 ක් දක්වා හෝ රුපියල් බිලියන 650 ක් දක්වා ඉහළ දැමීම වන නමුත් 2023 පළමු කාර්තුවේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578 ක් පමණ වූ බවත් එම ආයතනය පවසයි.

මැයි 30 වන දින ප්‍රකාශයට පත් කළ යෝජනාව මත පදනම් ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීම දෙවැන්න වන අතර සූදු ක්‍රීඩාව සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීම, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 5 ක්, සජීවී රූපවාහිනී විකාශනය භාවිතා කරන අවස්ථාවක වාර්ෂික බද්ද රුපියල් මිලියනයක්, සජීවී රූපවාහිනී විකාශනයකින් තොරව ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් 75,000 ක් සහ දළ එකතුව මත බද්ද සියයට 15 ක් ලෙස නියම කිරීමට යෝජනා කර ඇති බව ද ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර සකස් කරන ලද නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම ඉටු නොකළ තුන්වන කැපවීමයි.

මාර්තු 7 වැනිදා මීට අදාළ පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කළද, ඒ අනුව යමින් මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැති අතර මැයි මස අවසානය වන විට මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවිය යුතුය යන කැපවීම අර්ධ වශයෙන් ඉටු වී ඇති බවත් මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, ආයෝජන මණ්ඩලය විසින් දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම බවත් එහි සඳහන් වේ.

මැයි මස අවසානය වන විට හඳුනාගත් කැපවීම් 6ක ප්‍රගතියේ තත්ත්වය නොදනී යනුවෙන් වර්ගීකරණය කර ඇති අතර එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු නොතිබිණ යන්න එහි අදහසයි. මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව යම් දියුණුවක් දක්නට ලැබුණද, තවදුරටත් තොරතුරු නොමැති තත්ත්වයක් පැවතීම කණගාටුදායක අතර වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, අයි.එම්.එෆ්. වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි.

කැපවීම් ඉටුකිරීම හරහා රටට ලැබෙන ප්‍රතිලාභයන් පළමු වැන්න වන අතර කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීම දෙවැන්න වේ.

අයි.එම්.එෆ්. මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 ක ප්‍රගතිය මණින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කරගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය දීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.



අදහස් (0)

අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site