IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.එම්.එෆ් මුදල් ගැන විශ්වාසයක් නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගෙන් සියයට 28 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1008 දෙනෙකුගේ යුත් නියැඳියක් තෝරාගෙන ඇත. එම නියැඳියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා නියැඳියට පිළිතුරු 5 ක් ලබා දී ඇත.එම 1008 දෙනා ලබා දුන් පිළිතුරු අනුව සමීක්ෂණයේ ප්‍රතිඵල සැකසී තිබේ.මෙම සමීක්ෂණය පසුගිය ජූනි මාසයේදී සිදු කර තිබේ.

 



අදහස් (5)

අයි.එම්.එෆ් මුදල් ගැන විශ්වාසයක් නෑ

krishna Monday, 18 September 2023 08:05 AM

සියල්ලට කලින් වෙරිටේ රිසර්ච් එක පිළිබඳ මහජන මතය දැන ගත්තාද?

:       8       10

කිරිපුතා Monday, 18 September 2023 09:30 AM

ඒකනම් ඇත්ත වෙන්න ඕන. ණය අරගෙන ඒවා ආධාර හැටියට බෙදලා , ලෝකෙ වටේ සංචාරය කරලා හොරකම් කරලා ඉවර වුණාම සාමාන්‍ය ජනතාවට වෙන්නෙ ඒ ණය ගෙවන්න විතරයි

:       10       31

krishna Monday, 18 September 2023 10:22 AM

වෙරිටේ රිසච් එක ගැන විස්වාශයක් නෑ.....පසුගිය නිවේදනත් සමබර නෑ ....පකෂපාතියි...

:       5       7

pj Monday, 18 September 2023 10:48 AM

අපේ රටේ නිවැරදිව හිතන්න හැකි අය අඩු බව දැන ගන්න වියදම් කරලා සමීක්ෂණ තියන්න අවශ්‍ය නැහැ.. නිවැරැදිව හිතන්න හැකි සියයට ගණන වැඩි නම් රටට මෙහෙම වෙන්නේ නැහැනේ. එසේ නම් රජ පවුල බලයට එන්නෙත් නැහැනේ. එනිසා දේශීය සමීක්ෂණ ගණන් ගතයුතු නැහැ...

:       0       21

HELAYA Monday, 18 September 2023 02:19 PM

මේ ප්‍රකාශ ගැනත් ජනතාවට විශ්වාස නැහැ. ඡන්ද ප්‍රතිඵල සමීක්ෂණ වගේ... ස්වාධීන නෑ...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site