IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ්. මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට අයි.එම්.එෆ් මීටරයට ප්‍රමාණවත් දත්ත නොමැති වීම හේතුවෙන් එම කැපවීම් "නොදනී" කාණ්ඩයට ඇතුළත් කිරීමට සිදු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

මාර්තු මස සිට ජූලි මස වනවිට ප්‍රගතිය මැනිය නොහැකි කැපවීම් සංඛ්‍යාව 9 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතනය පවසයි.

එසේම සමස්ථයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 100 න් 35 ක් මේ වන විට ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර ඇත.

අයි.එම්.එෆ් මීටරයට එසේ ප්‍රගතිය මැනීමට නොහැකි වී ඇත්තේ එම කැපවීම් ඉටු කිරීමට එකඟ වූ කාල සීමාව ශ්‍රී ලංකාව පසු කර තිබුණද එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට කිසිඳු දත්තයක් නොමැති වීම හේතුවෙන් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

මෙසේ ප්‍රගතිය මැනීමට කිසිඳු දත්තයක් නොමැති වීමට හේතු දෙකක් බලපෑ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර තිබේ.

රජය මෙම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී තිබීම නිසා රජයේ අසාර්ථකත්වය පිළිගැනීම ප්‍රමාද කිරීමට තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම පළමු හේතුව විය හැකි බවත් ජනතාව හෝ පාර්ලිමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ වැදගත් පාර්ශ්වකරුවන් ලෙස නොසළකන බැවින් ඔවුන්ට තීරණාත්මක තොරතුරු ලබාදීමට රජය උනන්දුවක් නොදැක්වීම දෙවැනි හේතුව විය හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ජූලි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 57 න් 35 ක් ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බවත් එය ජූනි මසට සාපේක්ෂව වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

සැප්තැම්බර් මස වන විට ශ්‍රී ලංකව කැපවීම් 71 ක් ඉටුකළ යුතුව තිබෙන බවත් ඒ සඳහා අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මසකට කැපවීම් 18 බැගින් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.



අදහස් (0)

අයි.එම්.එෆ්. මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site