
(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ හමුවූහ.
ජනාධිපතිවරයා මෙසේ හමුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා සහ මාලදිවයින නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීහු වෙති.
රටේ ආර්ථිකයට අදාළ කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කෙරුණු බව දැනගන්නට ඇත.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු සාකච්චා කලත් තීන්දු ගන්නේ කපුටාස්නම් ?