
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල වැඩසටහන යටතේ අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට බංකොලොත් වි තිබියදීත් රටේ නායකයන් මාස්පතා විදෙස් සවාරි යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි අරමුදල ලබා දීම කල්දමන බවට පවසන විටත් මුදල් ඇමතිකම දරන ජනපති රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව ගිලුණත් "බෑන් චූන් " කිවලු.. එයාලාට මේවා වගේ වගක් නෑ...
එහෙම කොහොමද නතර කරන්නේ? තව රටවල් කීයකට සංචාරය කරන්න තියෙනවාද? කොහෙන්ද ඒවාට ඩොලර් හොයාගන්නේ..? තව ටික දවසයි ගෙදර යන්නත් තියෙන්නේ...!
ගෙයක් හදන්න ණයක් ගත්තත් පළමු වාරිකය ගෙන නිම කරන්න තිබුණු කොටස නිමකර නැතිනම් එහි වැඩ බැලීමට ආ නිලධාරීන් දෙවන කොටස අනුමත කරන්නේ නැහැ. ඒ වැඩ ටික නිමකර දෙවන, තුන්වන කොටස් ගන්න පුළුවනි. ඒ වගේ IMF කොන්දේසි නිම කළාම දෙවන තුන්වෙනි වාර ගන්න පුළුවනි. ඕකට බෙරිහන් දීලා වැඩක් නැහැ. IMF කොන්දේසි ගැන ඔහෙට කරන්න පුළුවන් මගුලක් නැහැ. මිනිස්සු ගොනාට අන්දන්න එපා.