(යොහාන් භාසුර)
රට බංකොළොත් පිරිසට නැවත රට ගොඩනැගිය හැකිදැයි ගැටලුවක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) රට බංකොළොත් පිරිසටම ණය දී ඇති නිසා ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අද (24) පැවසීය.
අයි.එම්.එෆ්. ණය ලැබීම පිළිබඳව ජනතාව සතුටුවීම නොව සැනසුම් සුසුමක් හෙළිය යුතු බව කී මහේන්ද්‍ර ජයසේකර මහතා එම ණය පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්ම ගැනීමට ලැබුණු අවස්ථාවක් බව ද සඳහන් කළේය.
පනත් සම්මත කිරීම සහ නව ආර්ථික ප්‍රතිපත්ති ගෙන ඒම වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවත් 2003 වසරේ සම්මත කළ මූල්‍ය වගකීම සහතික කිරීමේ පනත වසර 20 කට පසුව එය සම්ම්ත කළ පිරිසට නැවත මතක් වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොළඹදී අද (24) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා එසේ පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ්. ණය ගැන ජනතාව අවදියෙන් ඉන්න