(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් "ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට" මැයෙන් සාකච්ඡා මණ්ඩපයක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තීරණය කර තිබේ.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී හෙට (30) පෙරවරු 10 සිට දහවල් 12.30 දක්වා පැවැත්වෙන මෙම සාකච්ඡා වටයේ ප්‍රධාන දෙසුම පවත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත යුතු නිවැරැදි පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දෙසුමෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවට IMF ණය ලැබුණු පසු වෘත්තීය ආයතනයක් විසින් පවත්වනු ලබන පළමු සාකච්ඡා මණ්ඩපය මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd