( ශාන්ත චන්ද්‍රසිරි)

අඹේවෙල- රේන්දපොල මාර්ගය කලුපාලම ප්‍රදේශය ආසන්නයේදී  නායයාම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් අද (12) සිට නවතා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගයේ විශාල කොටසක් නායයාමට ලක්ව ඇති බවත්,  එම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමන සම්පුර්ණයෙන් නවතා දැමීමට පියවර ගෙන  ඇති බවද බණ්ඩාර මහතා කීය.

මාර්ගයේ විශාල කොටසක් නායයාමට ලක්ව පහළින් පිහිටි ප්‍රපාත ප්‍රදේශයට  කඩා ගෙන ගොස් ඇති බවත්, නායයාම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නවතා තිබු ත්‍රී රෝද රථයක්ද නායයාමට හසුව පස් තට්ටුවත් සමග ප්‍රපාතයට ඇදගෙන යාම හේතුවෙන් එම රථයට  දැඩි හානි සිදුව ඇතැයිද බණ්ඩාර මහතා පැවැසීය.