IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා

 

(අංජුල මහික වීරරත්න)

 මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ  ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින්  අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙි.

2021 වසරේ සිට මිල්කෝ ආයතනයේ ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පෞද්ගලික  ඉන්ධනහල් වලට විකුණා ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මෙම සේවක පිරිස අනිවාර්ය නිවාඩු යැවූ බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

මෙම ඩීසල් වංචාව සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර  මෙම වංචාවට සම්බන්ධව බවට  චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව ද රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂයදීත් සිදු වී තිබෙිදැයි  පුළුල් විමර්ශනයකින් සොයා බලන ලෙස  කෘෂිකර්ම අමාත්‍යවරයා මිල්කෝ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.



අදහස් (0)

අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site