
(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි.
ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ දෙවියන් වෙනුවෙන් යාඥා කොට පූජාකරමින් දේවමෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව පැවති වෙන්දේසියේදී එහි භාණ්ඩ අතර තිබූ අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් එලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වි ඇත.
ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවකු විසින් අදාළ මුදල වෙන්දේසියේදී ඉල්ලීම් කොට ඇති අතර, අදාළ දරුවාගේ මාපියන් හා විදේශගත ඥාතීන් විසින් වෙන්දේසියේදී අඹ ගෙඩි තුන වෙත රුපියල් ලක්ෂ 10 ක ලන්සුව තබා තිබේ.
ලන්සුව වෙනුවෙන් ලැබුනු රුපියල් ලක්ෂ 10 ක මුදල කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගන්නා බවටද කෝවිල් පාලකසභාව පැවසීය.
පසුව වෙන්දේසියේදී අඹ ගෙඩි තුන සහ මල්මාලය රුපියල් ලක්ෂ 10 කට ලබාගත් දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව ගරු කිරීමක් හා සෙත්ශාන්ති සිදුකළ බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ මිනිස්සු...
මන්ද මානසික, අන්ධ, ආගම් භක්තිකයින් සිටිනා රටක්...!
පන්සලට දුන්නානම පින් කෝවිලට දුන්නම අන්ද බක්තිය කියල comment කරපු කෝටිපතියට හද පිරි මෙව්වා එක තම ආගමික ඉස්තානයේ දියුණුව වෙනුවෙන් මුදල් ලබා දුන් සැමට පින් !
විශාල ශබ්දයක් එක්ක කැලණියට ආපු නාගයට දෙවෙනි නෑ
ලංකාවෙ දේශපාලුවො කරනවා වගේ වැඩකරන කොල්ලෙක් හා දෙමාපියන් කරපු වැඩක් තමා
මෙයාට වඩා කොච්චර හොඳද දුප්පත් කෙනෙකුට පොඩි ගෙයක් හදලා දුන්නා නම්... එහෙම නැතිනම් දුප්පත් පවුල් 40කට, 50 කට වියළි ආහාර ලැබුණා නම්...
සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා නැහැ... ගෝත්රික, මන්ද බුද්ධික මිනිස්සු කොහෙත් ඉන්නවා.. කැලණියට නාගලෝකෙන් ආපු නයා බලන්න මිනිස්සු පොරකන රටක අඹ ගෙඩි ගැන කුමන කතාද..?