
(අංජුල මහික වීරරත්න)
අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.
මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානයේ ( A Park- Agricultural park) සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගොවීන් විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර තිබේ.
අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැලක් වශයෙන් පවත්වාගෙන යාම සහ කප්පාදු සිදු කිරීම මෙම තාක්ෂණයයි. අඩු බිම් කොටසක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීම මෙහි අරමුණයි.
සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැල ගන්න තියෙන ස්ථානය දමන්න
එක අඹ ගහකින් ලැබෙන පලදාව ගන්න අඹ වැල් කීයක් ඕනද ? ඒ සදහා යන බිම් ප්‍රමාණය කොපමනද ? කෘෂිකර්මයෙන් පිලිතුරක් දෙන්න.
අඹ වලට නම් මේක වටිනවා
ඇත්ත..ඒත් මේ ප්‍රවෘත්තිය වාර්ථා කරල තියෙන්නෙ මේ පැල නිකන් මෑ වැල් හැදෙනවා වගේ හැගවෙන විදියට..
ජාන විකෘතියක් නොවෙයි නම් කමක් නෑ. ජාන විකෘතියක් නම් අනාගත පරපුරම ලෙඩ කරන දෙයක් විය හැකියි.
අතීතයේ කියමනක් තියෙනවා කාලෙකදී තුත්තිරි ගහත් ගහක් වෙනවා කියලා .ඉතින් ඵලදාව සදහා කුරුගස් හා වැල් හැදුවම ගන්න පුළුවන් වෙන්නෙ ඵලදාව පමණයි. අපි ගේක උලුවස්ස ජනේලය කොස් ලී වලින් හැදුවා .ඒත් දැන් කොස්ගස් සොයන්න බැහැ .අලුතින් සිටුවන්නෙ ගෙඩි සදහා පමණයි. ඉදුරුවේ ආචාරියා එකක් කඩතොලු වසන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත්තා කියලා කියනවා නේද. කොහොම වුනත් මෙහෙම වවන පළතුරු පෝෂණය අතින් කොහොමද දන්නෙ නැහැ නේද
අපේ රටේ නැති දෙවල් ඇති කරන්න ගිහින් රටට කරලා තියන දේ හොඳටම ඇති හිඟෙ කන රටක් වෙලා රටේ නිදහසේ වැවේන ගස් ටිකත් වනසන්න හදන්නේ... ලෝකයේම ඉන්න කෘමී සතුන් ලංකාවට බෝකර සතුන් මැරෙන්න රසායනික බෙහෙත් විකුණාගන්න තමයි හදන්නේ...?
ස්වභාවික, සම්පතක් නම් වටිනවා...!