(සනත් ගමගේ)

අම්බලන්තොට වලවේ ගඟේ ජලමට්ටම සීඝ්‍ර යෙන් අඩුවිම හේතුවෙන් ජලය පිරිපහදු කිරිමට නොහැකි තත්ත්වයට කලු පැහැ ගැන්විම හේතුවෙන් අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ පානිය ජල පිරිපහදු කටයුුතු අද සවස සිට තාවකාලිකව නතර කිරිමට සිදු වූ බව ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය දැනුම් දී ඇත.

ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරිම හා බෙදා හැරීම නතර කිරිම හේතුවෙන් අම්බලන්තොට, මිරිජ්ජවිල, හුංගම, නෝනගම, බටඅත, අඟුණකොලපැලැස්ස, බරවකුඹුක, ඇතුළු තදාසන්න නගර හා අවට ගම් රැසකට පානීය ජලය සිමා කිරිමට සිදුව ඇති බව ජලසම්පත් මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශිය ඉංජිනේරු ජගත් ස්වර්නතිලක මහතා ගෙන කල විමසීමක දි කීය.

පවතින තත්ත්වය මත වලව ගඟ ඉහල ධාරා ප්‍රදේශවලට වැසි නොලැබිම හේතුවෙන් වලව ගඟේ ජලය බැස යෑමක් සිුදනොවන හෙයින් ජල පවිත්‍රාගාරය ඉහල හා පහල කොටස් වල මෙලෙස ජලය කළු පැහැ ගැන්වි ඇත.