(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීම සඳහා ගියේය.

කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු යායවල් කිහිපයක් අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.