IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අමරපුර මහා නා හිමි සසුනට සමුදෙයි

අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක  හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (21) පස්වරුවේ සිදු කෙරණි.

මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සතර දෙසින් භික්ෂුන් වහන්සේ, මහජන නියෝජිතයෝ, රාජ්‍යතාන්ත්‍රිකයෝ, මහජනතාව ඇතුළු විශාල පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණියහ.

ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 3 ට පමණ ආරම්භ විය.

මහා නාහිමියන් පසුගිය මැයි 16 වැනිදා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව අපවත්වී වදාලහ.

මහා නා හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ තැන්පත් කළහ.

දශක ගණනාවක ශාසනික මෙහෙවර අවසන් කරමින් අපවත්වූ මහා නාහිමියන්ගේ දේහය පස්වරු 06 ට පමණ ආදාහනය සඳහා චිතකය වෙත වැඩම කරවනු ලැබූහ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

අමරපුර මහා නා හිමි සසුනට සමුදෙයි

SL Sunday, 21 May 2023 10:56 PM

නිවන් සුව

:       0       3

චින්තක Monday, 22 May 2023 03:52 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site