
(තිලකරත්න දිසානායක)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ " කීර්තිමත් සීල් භට පදක්කම " හිමිකරගත් එකම නාවික නිලධාරියා වූ ලුතිතන් කොයන් චාමික මහතා අද උදෑසන, වැලිසර නාවික කඳවුරේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එක්සත් ජනපදයේ නාවික සීල් භට පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරමින් " සීල් භට පදක්කම " ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ ලුතිතන් වරයකු වශයෙන් කටයුතු කරමින් සිටි කොයන් චාමික මහතා , නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගිවීම පිණිස පැමිණ වැලිසර කදවුරේ රාජකාරි කටයුතු කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇති බව පවුලේ ඥාතියෙක් පැවසීය.
ගම්පහ , බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වූ කොයන් චාමික මහතා ගම්පහ , ඔරුතොට පදිංචි පවුලක එකම දරුවාය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කැඩෙට් නිලධාරියෙකු ලෙස මීට වසර කිහිපයකට පෙර නාවික හමුදාවට බැදුනු බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ ආණ්ඩුව යුද්ධයක සේයාවක්වත් නොමැති මොහොතක ජනපති අනුරගේ වචනයෙන් සොල්දාදුවෙක් අහිමි කරගනී.
බොහෝම කනගාටුදායක පුවතක්. ඔබගේ නම ලෝකය තිබෙන තාක්කල් ලංකාවේ පළමු සීල් භටයා ලෙස කාටවත් වෙනස් කළ නොහැකි ලෙස සදහටම සටහන් වී තියේවි . ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
නිවන් සුව පතමු...ඒත් නිකම්ම මියයාම ගැන සොයන්න ඕන නේද?