
(තිලකරත්න දිසානායක)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ " කීර්තිමත් සීල් භට පදක්කම " හිමිකරගත් එකම නාවික නිලධාරියා වූ ලුතිතන් කොයන් චාමික මහතා අද උදෑසන, වැලිසර නාවික කඳවුරේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එක්සත් ජනපදයේ නාවික සීල් භට පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරමින් " සීල් භට පදක්කම " ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ ලුතිතන් වරයකු වශයෙන් කටයුතු කරමින් සිටි කොයන් චාමික මහතා , නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගිවීම පිණිස පැමිණ වැලිසර කදවුරේ රාජකාරි කටයුතු කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇති බව පවුලේ ඥාතියෙක් පැවසීය.
ගම්පහ , බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වූ කොයන් චාමික මහතා ගම්පහ , ඔරුතොට පදිංචි පවුලක එකම දරුවාය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කැඩෙට් නිලධාරියෙකු ලෙස මීට වසර කිහිපයකට පෙර නාවික හමුදාවට බැදුනු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd