IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘අමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අමාරු කාලයේ  ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්දියාව මෙවැනි උදව්වක් කළේ පළමු වතාවට වන හෙයින් මෙය විශේෂ බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඒ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට යුතුකමක් තිබෙන බවද සඳහන් කළේය.

මෙි පිළිබඳව  රටේ විවිධ කතා පැතිරෙන හෙයින් විදේශ ඇමතිට හෝ මුදල් ඇමතිට මේ ගැන පැහැදිලි කිරීමට විශේෂ වගකීමක් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අමාරු මොහොතේ රටට උපකාර කළ බංග්ලාදේශයටත් තම ස්තුතිය පිරිනමන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (7)

‘අමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්‘

Hafeel Tuesday, 22 March 2022 12:06 PM

අවුරුදු 73ක්ම මාරුවෙන් මාරුවට රට පාලනය කරලා සහ අවස්ථා කිහිපයක්ම අගමැති ධුරය ඇතුළු වීවිඩ ඇමතිකම් දරල, දැන් ලජ්ජා නැතුව ඉන්දියාවටත්, බංග්ලාදේශයටත් ස්තුති කරනවා. මෙවැනි අමාරු කාලය ඇති කළෙත් ඔයාලා තමයි. මේ දෙගොල්ලම තව අවුරුදු සීයක් බලයේ හිටියත් රට නැත්තටම නැති කරනවා මිස රට හදන එකක් නම් නැහැ.

:       0       0

sharm warn Tuesday, 22 March 2022 12:18 PM

මේක රටේ අමාරු කාලයක් නෙවෙයි... රටට අමාරු කරවපු කාලයක්... දැන් ලැජ්ජා නැතිව පොල් කට්ටක් අරන් හිඟමනේ යනවා. ඒ හිඟාකාලා ගත්ත එකෙනුත් කුට්ටියක් සාක්කුවේ දාගන්න හැටි බලනවා. මොන තරම් පහත් මානසිකත්වයක්ද මේ පාලකයින්ට තියෙන්නේ. මෙයාගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       0

Nuwan Tuesday, 22 March 2022 12:35 PM

රනිල් 2001 ඉඳලා කරන්න හදපු දේ අද මේ ආණ්ඩුව කරනවා. අවදානම් වුණත් ඒ දේවල් කලින්ම කළානම් මේක මේ විදිහට වැටෙන්නේ නෑ. නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ එම්.සී.සී.. මේ ආණ්ඩුවෙන් අත්සන් කරන්න සෑහෙන ඉඩක් තියනවා. රනිල් කුහක නොවී ඒවාට උදව් දෙන එක වටිනවා. රනිල් කියන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති වෙනුවෙන් අවංකවම පෙනී ඉන්න එකම නායකයා...! 

:       0       0

fairoos Tuesday, 22 March 2022 12:40 PM

ආණ්ඩුවට කඩේ යනවා...

:       0       0

SL Tuesday, 22 March 2022 01:05 PM

අමාරුවෙන් ගන්න ණයෙනුත් හොරා කන පාර්ලිමේන්තුවක් තියෙන එක කොයිතරම් වාසනාවක්ද?

:       0       0

kamal Tuesday, 22 March 2022 01:05 PM

කවදාවත් ගෙවන්න බැරි ණය ගැනීම වාසනාවක් කියන ඔබ වැනි දේශපාලුවන් අපිට අවාසනාවක්..

:       0       0

Channa chandrasekera Wednesday, 23 March 2022 07:41 AM

මම කවදාවත් රනිල් දේශපාලනේ අගය කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ ඔහු රටවල් ප්‍රමුඛතා හෙළි කරන මහත්මා දේශපාලනයේ කොටසක් බවයි. ඔහුගේ අනුගාමිකයින්ට මෙම හැඟීම් ලුහුබැඳ ගොස් වේගයෙන් ඉදිරියට යාමට ප්‍රාර්ථනා කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site