
( එම්.සුසිල් ප්‍රියන්ත)
මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දියණියකි.
ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.
නිවසේ ඇති පශ්නවලට උරණවූ මේ මව සිය දියණිය අද (19)උදේ ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද පොලීසිය කියයි.
ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසනු ඇහුණු චාමික ලක්ශාන් හා රොෂාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය කියයි
මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදයාලයේ ඉහෙනුම ලබන බවද පොලීසිය කියයි.
සිගිති දියණිය ළිදට දැමූ මව සැකපිට පුශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ඇල්ගිරියහේ අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉරාන් යන මහත්වරු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

රොෂාන් කුමාර

චාමික ලක්ෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ළමයි. අනුන්ගේ විපතේදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ජන්මයෙන් එන ගතියක්. ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමය...!
ආදර්ශමත් දරුවන් දෙන්නෙක්... බුදුසරණ වේවා...!
අරගලකරුවනේ, මෙන්න අවංක උත්සාහයක් සමාජයට උදව් කරන්න. චාමික සහ රොෂාන් පුතුනේ.. නුඹලගේ මේ උතුම් ගති, විශ්ව විද්‍යාලයට ගිය දවසකත් ඒ අයුරින්ම කරන්න.
උතුම් දෙමව්පියන්ගේ ගුණ යහපත් දරුවෝ දෙන්නෙක්...
පින් ඇති පුතුන් දෙන්නෙක්.. නුඹලාට ජය...!
නියම වීරයින් දෙදෙනෙක්. මනුශ්‍යත්වයේ නාමයෙන් ඔබලාට සහ හැදු වැඩූ දෙමාපියන්ටත් පින්.. ජනාධිපති සම්මානයෙන් ඇගයිය යුතුයි.
අනාගතයේ රටට වැඩදායික ළමුන්... දෙන්නෙක්...!
මේ දරුවෝ දෙන්න කරලා තියන ක්‍රියාව නම් අති උතුම් නමුත් මෙතන ඒ ගොල්ලන් දැනුවත් නැති උනාට බරපතල ජීවිත අවදානමක් තියනවා මොකද සමහරවෙලාවට මේ වගේ ගැඹුරු ලින් වල පතුලේ ඔක්සිජන් අඩුයි ( අඩු ගනනේ කන්නවත් ඔක්සිජන් නැහැ !!!!) එහෙම උනොත් ගලවගන්න ගිය උදවියගේත් ජීවිත අනතුරේ ඒ ගැන මුලින්ම හිතන්න ඕන එක පාරටම මෙහෙම තැන වලට බහින්නේ නැතුව මේක දැනුවත් කිරීමක් මිසක අර ක්‍රියාව අවතක්සේරු කිරීමක් නෙමි