
උරුමය මවු - පියන් සතු අරගෙන වැළඳ
රජ මැති ඇමැතිවරු සුර - සැප විඳින සඳ
ලැබුවද උපත ගුණ පිරි මවු කුස නොඉඳ
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?
ආරියසේන හඳුවල
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ මහ ජනතාව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වත්මන් රජයට ඉල්ලා අස්වෙන ලෙස පවසමින් ඇඳිරිය නොතකමින් රටේ තැනින් තැන උද්ඝෝෂණ වල නිරත වූහ.
මේ පිළිබඳ දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය රාශියකම ලිපි පළ විය.
එම ලිපි අතුරින් ඊයේ (03) දින ටයිම් ඩිජිටල් සඟරාවේ පළ වූ ලිපියට කාගේත් අවධානය යොමුවිණ. එයට හේතුව වූයේ කොළඹ පැවති උද්ඝෝෂණයකට අලුත උපන් බිළිඳියක සහභාගී වී සිටින ඡායාරූපයක් එහි පළ වීමයි.
දෙමාපියන් සමග පැමිණ සිටි මෙම අලුත උපන් බිළිඳිය රැගෙන එමට හේතු වී ඇත්තේ තම දරුවාට යහපත් අනාගතයක් අවශ්‍ය බව පෙන්වීමට යැයි මාධ්‍ය වේදීහු මත ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරසැප හැම ඇමතිවරුම විඳිති... සුදු ලෝගු ඇඳ කරුමයට හැකිලිලා දුකින් අපේ දරුවන්ට උරුමය රටේම නොසිතා එදා ඉඳලා කළවිට ඉතිරි වේද...?
මේ ඇවිල්ලා බොරු පොෂ් රැල්ලක්!! රට හදන්න නෙවි! මේ හදන්නේ ඉරාකයේ සහ ලිබියාවේ නායකයින්ට අත්වුණු ඉරණම හදන්න! ගඩාෆි/සදාම් හුසේන් එලවලා අද එම රටවල් දෙකම අරාජික වේලා! මේ හදන්නේ අප්‍රියෙල් 21 වෙනකොට මහින්දවයි, ගොඨාභයටයි පාරට ඇදලා දන්න! අමතක කරන්න එපා එහෙම උනොත් ශ්‍රි ලංකාවේ ජිවත්වෙන සිංහල ජාතියේ අවසානය වේවි! රට හදන්න ධම්මික පෙරේරා වගේ නායකත්වයක් ගෙනෙමු! ව්‍යවස්ථාව වෙනස් කරන්න බලකරමු! නිතිය ස්වාධීන පොලිස් කොමිෂන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , පලාත් සභා අහොසි කිරිම , මන්ත්‍රීවරුන් 125 අඩුකිරීමට බල කරමු! නව නායකත්වයට රට බාර කරමු! සජිත්/අනුර/පාඨලි/විමල්/උදය/නාමල් මේ සේරම හොරුන්ගෙත් හොරු!
අලුත් ආණ්ඩුවෙන් වස විස අනුමත කරන බව දැනගෙනත්, වස විස සහිත අහාර තමන්ගේ දරුවට දෙන්ඩ ඕනි කියන අම්මාවරු. දකින එකත් ලේසි නැහැ .
මේක නම් මෝඩ චූන් එකක් . මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. මේ සෙනඟ අස්සෙ අත දරුවා ට යමක් වුනා නම් ආණ්ඩුව ට බැනල වැඩක් නැහැ නේද .
" ආවෙමි දම් රටේ සැම සිරි නරඹන්න ... කිරිපිටි නොමැත අම්මේ මාහට බොන්න ... බඩු ගිනි ගණන් නැහැනේ අම්මට කන්න ... මව්කිරි නොමැත අම්මේ බිළිඳුට දෙන්න ... "
අනුරගේ ළමයි ස්විට්සර්ලන්තේ ඉඳගෙන කියනවා වගෙයි මට ඇහෙන්නේ.
අනුකම්පාව සහ අවධානය ගන්න මෙහෙම දේ කලාට මේ බිලිඳාගේ ආරක්ෂාව ගැන මවුපියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද?
හොදයි