
(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව පදිංචි අඹු සැමි යුවළක් බව පොලිසිය කියයි.
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ මුදල් සේප්පුව සේප්පුවේ අදාළ යතුරු දෙකෙන්ම විවෘත කර රුපියල් 19ලක්ෂ 12148.50 ක් පසුගිය මස 26 දින සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්දයෙන් සිදුකල විමර් ශන වලින් පසුව මෙම අඹුසැමි යුවළ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් අඹුසැමි යුවළ සමඟ ලඟ ඇසුරක් කල වලස්මුල්ල ප්‍ර දේශයෙ පුද්ගලයෙක් මෙම සොරකම් කිරීම සිදු කල ඇති බවද සොරකම් කර ඇති මුදල් වලින් කොටසක් මෙම අයට ලබාදුන් බවත්, ඒවාද වරින් වර එම පුද්ගලයාගේ සැකකාර ප්‍රධාන පුද්ගලයාගේ ගිනුම් වලට බැංකු ගත කල බව සැකකාර යුවළ පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමෙයි මහත්තයෝ ඔෆිස් එකේ නොවෙන කෙනෙක් ඔෆිස් යතුරෙන් සේප්පුව ඇරියෙ කියල දැනගන්න කැමතියි ගේට්ටුවෙ මුර කට්ටිය ඉන්නෙ නැතෙයි එහෙම දෙයක් නැතෙයි කියන්න බැහැ ඒ ගැන මොකෑ කියන්නෙ
මේ සොරුන් සතු තාක්ෂණය හොයාගෙන ලෝක බැංකුවේ සේප්පු ඇරලා රටම ගොඩදාමු...
යතුරුභාර අය යතුරු සොරුන්ට දීලා නැත්නම් සොරුන් උපායෙන් හොර යතුරු කපලා මුල්යතුරු වලින්... බැංකුවක නම් ඕක කරන්න අමාරුයි. යතුරු අගුල හැර තවත් අගුල් දෙකක් තියෙන නිසා. මේක ඇතුලේ අය දැනුවත්ව වෙච්චි වැඩක් වෙන්න ඕනෑ...