
(දීපාල් ද සිල්වා සහ සුසිල ප්‍රියානත)
අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒලල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.
මිය ගොස් ඇත්තේ අවමංගල්‍යය උත්සවය පැවති නිවසේ හිමිකරු වන අජිත් සුදර්ශන (44) සහ එම නිවසට පැමින සිටි සුජිත් ප්‍රියන්ත යන අය වේ. එම නිවසේ තවත් අයකුට වෙඩි වැදි තුවාල ලබා රොහලට ඇතුළත් කර තිබේ.
T56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය කියයි. එක් මළ සිරුරක් බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
අම්බලන්ගොඩ ඌරාවත්තේදී වසන්ත ද සොයිසා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්දියට ප්‍රතිප්‍රහරයක් දැයි පොලිසිය සැකකරයි..



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් යම් කරුණු කාරණා දන්න අය පරිස්සම් වෙන්න..
ආයෙමත් කුනු සුද්ද කරන්න පටන් අරන් වගෙ..