
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ,ගලගොඩ ,පදිංචි දිමුතු සම්පත් නමැති තිස් හැවිරිදි තරුණයකුට බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයාට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණ ඇත්තේ පාගමනින් බවත් පොලීසිය කියයි.
වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ එය මඟ දමා විත් මේ වෙඩි තැබීම සිදුකොට පලා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියපු එකා සමහරක් විට අවට ගැවසෙනවා වෙන්නත් බැරි නෑ. වෙඩි තැබීමක් සිදු වූ විගස කවුරුත් හිතන්නේ පැනලා යනවායි කියලානේ. තනියෙන් පැමිණි පුද්ගලයෙකු නම් සමහර විට මරණකරු දන්න හඳුනන අහල පහල කෙනෙකුත් වෙන්නත් පුළුවන්.
මේවා කවදා ඉවර වෙයිද මන්දා...? අලුත් ආණ්ඩුවත් මුකුත් කරන පාටක් නැහැ.