IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට

(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ඝාතනය කෙරුණු මාලු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තිදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කීවේය.

සැකකරුවන් තිදෙනා අතර කාන්තාවක් ද සිටින බව ද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ඉදිරිපිටදී ඉකුත් 4 වැනිදා පෙරවරුවේ 10.21ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගියේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂ විතාන මිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාලු වයාපාරිකයෙකි.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන්  මේ ඝාතනය සිදු කොට පලා ගිය බවත් එම ඝාතනය සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාව මත කාන්තාව ඇතුලු සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

ඝාතකයන්ට මෝටර් රථය සැපයූ පුද්ගලයා කොළඹින්ද ඝාතනයවූ මාලු ව්‍යාපාරිකයා ගැන  ඔත්තු බැලුවේ යයි සැකකාරිය කොස්ගොඩින් ද අනෙක් සැකකරු වතුගෙදරින් ද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site