
(ජේ.කේ.එල්. චාමින්ද )
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
ඒඅනුව අම්බලන්ගොඩ කලාපයේ බලපිටිය කනිෂ්ට විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදුව කනිෂ්ට විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය සහ ගාල්ල කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල් සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් හෙට දින පැවැත්වීමට නොහැකි බවට දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd