
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු අද (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.
සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද මේ සමගම අත් අඩංගුවට ගෙන තිබේ.
දැනට විදේශගතව සිටින අහුන්ගල්ලේ හා බළපිටියේ පාතාල කෙරුමන් දෙදෙනකු දුන් කොන්තාත්තුවකට අනුව මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොළඹ පන්නිපිටියේ පදිංචි අයකු බව අනෙක් සැකකරු බලපිටියේ පදිංචි අයකු බවත් පොලීසිය කියයි.
ඔහු සිය බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සැකකාරුවකු බවද පොලීසිය කියයි.
කොළඹ දෙස සිට පැමිණ ඇති මේ සැකකරුවන් දෙදෙනා තමන්ට ලබාදුන් කොන්තාත්තුව අනුව ඝාතනය කිරීමට අපේක්ෂා කළ මාළු ව්‍යාපාරිකයා චායා රූපයත් රැගෙන ඔහු ගැවසෙන අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණ ඇති බවත් නගරයේ වෙසෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් මිදී ඔහුට වෙඩි තබා පලා යාම අපහසු බව තේරුම් ගෙන ආපසු යෑමට උත්සහා කිරීමේදි සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂා කොට අත් අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
130
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ ඝාතනයකට ආ සෙබලෙක් සහ තවත් අයෙක් මාට්ටු