(එම් සුසිල් ප්‍රියන්ත)

ගෑස් ලබාදෙන ඉල්ලමින් ගාල්ල වතුගෙදර ප්‍රදේශවාසීහු  අද (19) අම්බලන්ගොඩ-ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කන්දෙගොඩ ප්‍රදේශයේදී මාර්ගය වසා උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම අඩාල වී තිබේ.

වසා දැමුණු මාර්ගය විවෘතරගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දැඩි නොසන්සුන්තාවයක්ද හටගත්තේය.

කන්දේගොඩ ක්‍රීඩාංගණයට අද ගෑස් ලොරියක් පැමිණෙනබවට ලැබුණු තොරතුරක් මත අලුයම 2 පමණ සිට ප්‍රදේශවාසින් පෝලිම්වල සිට ඇති අතර ගෑස් ලොරිය නොපැමිණෙන බවට සැලවීමෙන් මෙලෙස කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබු බව පොලීසිය කියයි.