
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොහොර සම්බන්ධයෙන් ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයේ නිෂ්පාදනය සියයට 60 කින් පමණ අඩුවී ඇති හෙයින් තේ ගොවීන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
තේ සඳහා පොහොර මිටිය රුපියල් රුපියල් 15,000 දක්වා වැඩිවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
තේ වගාවේ පොහොර ප්‍රශ්නයට රජයේ ලබා දෙන විසඳුම කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය.
අද බොහෝ ප්‍රදේශවල මිලට ගැනීමට පවා පොහොර නැති බව සඳහන් කළ විපක්ෂ නායකවරයා පොහොර සඳහා සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි යෝජනා කළේය.
ප්‍රමිතියෙන් තොර වල් නාශක වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
COMMENTS