IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අමානා බැංකුවේ තැන්පතු රු. බිලියන 100 සීමාව පසුකරයි

අමානා බැංකුවේ පාරිභෝගික තැන්පතුවල මුළු වටිනාකම 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළදී රු. බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එම බැංකුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු අතරින් කෙටිම කාලයක් තුළ එම සීමාව පසු කළ බැංකු අතරට පත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

2022 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ පාරිභෝගික තැන්පතුවල වටිනාකම රු. බිලියන 105.7 ක් වූ අතර, මෙය 2021 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 96.2 ට සාපේක්ෂව සියයට 10ක පමණ වර්ධනයකි. එමෙන්ම 2021 වසරේදී Global Banking & Finance Review විසින් අමානා බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක්කරන ලද අතර, The Asian Banker විසින් අමානා බැංකුව පොලී රහිත බැංකුකරණ ආකෘතියට අනුගතව මෙහෙයුම් සිදුකරන ලොව ශක්තිමත්ම බැංකු 50 අතරට ද නම් කරන ලදි.

“මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට මේ වනවිට විශාල පිළිගැනීමක් හිමි වී ඇති බව මෙමගින් තහවුරු වෙනවා. එමෙන්ම ලාභ බෙදාගැනීමේ පදනම යටතේ බැංකුව මගින් ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීම මීට තවත් හේතුවක්. දිගින් දිගටම මේ ආකාරයට අප කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන්ට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (2)

අමානා බැංකුවේ තැන්පතු රු. බිලියන 100 සීමාව පසුකරයි

රටවැසි Sunday, 08 May 2022 07:54 PM

සහතික ඇත්ත... වාහන ගෙන්වන්නේ නැගෙනහිර අය... ඒ වාහන සෝබනයට ණයට අරන් පදින්නේ දකුණේ අය.. ඉතින් මුදල් තැන්පතුව ඒ අයගේ බැංකුවලට...! සුඛෝපබෝගි වාහන ලක්‍ෂ හතර හමාරක් හම්බන්තොට වරායේ තාම ගොඩ ගසා ඇත...!

:       14       10

BamunuarachchiWednesday, 11 May 2022 08:43 AM

මේක මුස්ලිම් බැංකුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site