(නිමල් ජයරත්න)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂයයන්වලින් එහි ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ නවවෙනි ස්ථානයට පත්ව ඇති බව උතුරු මැද පලාත් ගණිතය විෂය බාර අධ්‍යක්ෂිකා ජිනාදරි තේනුවර මහත්මිය සඳහන් කළාය,
මෙම තත්ත්වයට උතුරුමැද පළාතේ ගුරු හිඟය තදින්ම බලපා ඇති බවත්, මේ වන විටත් පළාතේ පාසල් සඳහා ගුරුවරු 2600 ක ඌනතාවයක් පවතින බවද ඇය සඳහන් කළාය.
උතුරු මැද පළාතේ මව්පියන් සහ පාසල් සිසුන් පෞද්ගලික උපකාරක පන්ති පමණක් විශ්වාසය තබා ඇති බවත්, දරුවන් උසස් පෙළ පංතියට ඇතුළත් කිරිමෙන් අනතුරුව මවුපියන් ගුරුවරුන් සමඟ පවතින සම්බන්ධතා විශාල වශයෙන් දුරස් වී ඇති බවද තේනුවර මහත්මිය පැවසුවාය.
පෞද්ගලික උපකාරකක පන්ති හේතුවෙන් ඇතම් ළමුන් අතරමං වී ඇති බවත්, සමහරුන් නිදා නොගන්නා මට්ටමට පත්ව ඇති බවද ඇය සඳහන් කළාය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇය මේ බව පැවැසුවාය.
පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධිකරණ කමිටු රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පොළොන්නරුව ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා
City Thursday, 29 June 2023 05:09 AM
වර්තමාන දෙමව්පියන්ගේ අපේක්ෂාවන් දරුවන්ගේ හැකියාවෙන් ඔබ්බට ය.