(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
තමන් ලේකම් ධූරය දරන අමාත්‍යාංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාලව ඉලක්කයක් ජනාධිපති ලේකම් විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට ද නියමිතය.
එලෙස ප්‍රගතිය පරික්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යංශ ලේකම්වරුන් මාස 06 කදී රාජකාරියෙන් ඉවත් කිරීමට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීන්දු කර තිබේ.
ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇත.
එම එකඟතා ගිවිසුම අනුව රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අදාලව එකඟතාවයන් රැසක් ඇතුලත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇමතියෝ. මුන් එකෙක්වත් වැඩකරන උන්ද?
බොහොම හොඳයි. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ අර 225 හේ ප්‍රගතියත් ඔය ආකාරයටම මාස දෙකෙන් දෙකට මැන බලන්න ක්‍රමයක් හදන්න බැරදි කියන එක තමා. වැඩ බැරිනම් ගෙදර පලයන් කියන එක ඉස්ස ඉස්සෙල්ලාම නාසිකාර තැනින්ම පටන් ගත්තොත් තමා හරි.
සියලු රාජ්‍ය සේවකයන් ට මේ නීතිය ක්‍රියාත්මක කරන්න .
මේ කියන විදියටම වැඩේ වෙනවානම් හොදයි. ලේකම්ලා විතරක් නොවෙයි, රජයේ මුදලින් පඩී ගන්න ඔක්කොටම මේක අදාල කරන්න.
රනිල් වැඩ්ඩා.
ඒතකොට අවුරුදු 45ක දේශපාලන ජීවිතයේ දී කිසිම ඵලදායී වැඩක් නොකරපු ජනතාවත් ප්‍රතික්ෂේප කරපු පිනාට මොකද කරන්නේ?