
(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
මේ අනුව කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි
මෙයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇත
මේ අතර තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන නව අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න බත්ටික නැහැ. කුප්පි ලාම්පුවට තෙල් නැහැ. ඒ වුණත් ලොකු ලොක්කන්ගේ පත්වීම්වලින් අඩුවක් නැහැ...