
(උපලි ආනන්ද)
සැහැල්ලූ වාහන සහ යතුරු පැදි සදහා රියදුරු බලපත‍්‍රයක් ඉල්ලම් කළ පුද්ගලයකුට පැදවීමට අවසර හිමි වාහන ඛාන්ඩය සඳහන් නොකර තිත් පේළියක් පමණක් ඇත රියදුරු බලපත‍්‍රයක් මෝටර් රථ දෙපර්තෙමින්තුව මගින් එවා ඇතැයි එප්පාවල යකල්ලේගම පදිංචි ඞී ආර් සුරංග සෙනවිරත්න මහතා පවසයි.
පසුගිය දිනක අදාළ රියදුරු බලපත‍්‍රය ඉල්ලූම්කාර සුරංග සෙනවිරත්න මහතාට මෝටර් රථ දෙපාර්තෙමින්තුව තැපල් මගින් එවා ඇති අතර සතුටින් යුතුව තම නව රියදුරු බලපත‍්‍රය අතට ගත් සුරංග සෙනවිරත්න මහතා එහි ඉදිරි පස සදහන් කර තිබූ විස්තර කියවා බලා තමන්ට පැදවිය හැකි වාහන ඛාන්ඩය මොනවාදැයි දැන ගැනීම සදහා නව රියදුරු බල පත‍්‍රයේ පිටුපස කොටස බලා ඇත.
එය දුටු ඔහුට දැක ගැනීමට හැකි වූයේ මෝටර් රථ දෙපාර්තෙමින්තුවෙන් තමාට එවන ලද නව රියදුරු බලපත‍්‍රයේ තමාට පැදවීමට අවසර හිමි කිසිදු වාහන ඛාන්ඩයක් සදඟන් නොකර ඇති බවයි එම කොටසේ තිත් සහිත තීරුවක් පමණක් දැක ගැනීමට ඔහුට හැකිය මේ සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තෙමින්තුවට පැමිණිලි කිරීමට සුරංග සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවය...!
නිකුත් කළේ 2023, කල් ඉකුත්වන දිනය 2022...!
පෙර වැරැදි නිසා ලයිසන් එක කැන්සල් කරලා...
මෝටර් රථ දෙපාර්තමේන්තුව ලොකු වැරැද්දක් කරලා තියනවා. ඊටත් වඩා වැරැද්දක් කරලා තියනවා අයදුම්කරුගේ පුද්ගලික තොරතුරු ඉවක්බවක් නැතිව ප්‍රසිද්ධියේ පළකිරීම...
සුදුසු කමක් නැති අයගේ වැඩක් වෙන්න ඇති...
4ඒ, 4බී වලත් අවුලක් තියෙනවා වගේ...!