
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දිලිත් ජයවීර මහතාට යවා ඇත.
මේ සම්බන්ධයෙන් අප ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කර
නොමැත.
දිලිත් ජයවීර මහතාගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත.
ආචාර්ය සරත් අමුණුගම මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග සන්ධාන ගතවීමේ පැවැති උත්සවයට ද සහභාගී නොවීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් එම උත්සවයට ඔහුගේ දියණිය වරුණි අමුණුගම මහත්මිය සහභාගි වූවාය.
මේ අතර සරත් අමුණුගම මහතා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි
saman Wednesday, 29 May 2024 03:11 AM
ඔය ආතල් හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට .හැම ජරා තිත්පොලකටම බෙදිලා සෙට් උනාම හැමදාම පවුල් පිටින් උන් දිනුම් .ඔය අපිට ආදරේට
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 06:45 AM
අන්තිමට නියම තැනට සංධාන ගත උනා. තව තවත් මාලිමාවට එරෙහිව එක්වෙන්න. උන් පරද නොකරොත් අපේ පදනම බිඳ දමාවි, අප මෙතෙක් රඟපෑ ජාතිය සහ ආගම යන පටුු භූමිකා හෙලිකරාවි .
Lalla Wednesday, 29 May 2024 07:35 AM
අලුත් සංධානය ගැන කලකිරීම... විමල් වගේ අය අමුණුගමට දිරවන්නේ නැති බව ඇත්ත නේද
Kazi Shajahan Wednesday, 29 May 2024 08:58 AM
ඔබ නිවැරදි විමල් උදයලා එක්ක කොහොමද රෙද්දක් ඇදගෙන වේදිකාවක ඉන්නේ
රංබොඩ Wednesday, 29 May 2024 09:40 AM
රනිල් උන්නැහේ ඇමති කමකට කතා කළාද දන්නෙ නෑ